ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයිoba lassanayi mata oba hari lassanayi

Oba Lassanai Mata Oba Hari Lassanai

ගී පද

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
ආඩම්බරයි මට හරි ආඩම්බරයි
ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

ඔබ මඟ යන විට සුලලිත ගමනට
කවුරුත් ආසා කරන්නේ
සුරංගනාවක් දැකලා වාගේ
සමහරු හැරි හැරි බලයි
ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

ඔබ ලස්සනයි නෙත් දෙක නිලුපුල් වගෙයි
ඔබ ලස්සනයි තොල් පෙති නා දළු වගෙයි
ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

ප්‍රිය සාදයකට මා හා ගිය විට
රැජිණක සේ ඔබ දිලෙන්නේ
මලකට ලංවන බඹරුන් වාගේ
කවුරුත් ඔබ වෙත ඇදෙන්නේ
ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

ඔබ ලස්සනයි ....