ඔබ කඳුලේ උපතයිoba kandulee upathayi

Oba Kandule Upathai

සංගීතය:
ප්‍රියා සූරියසේනpriyaa suuriyaseena
පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

ඔබ කඳුලේ උපතයි
හසරැල් උපත මමයි
කඳුල හෝ හසරැල්ලේ
ඉම අපිමයි

රැයට අසරණ වෙලා
හඬන පලඟැටි බලා
කඳුලු හෝ හසරැලී දකිමුදෝ
අවදිවන ලොව බලා
දොඩන ගිරවුන් සොයා
කඳුලු හෝ හසරැලී දකිමුදෝ

අඳුර අතරට වෙලා
ඉඳිමු කලුවර බලා
කඳුලෙනුයි හසරැලි උපන්නේ
අඳුර අතරට වෙලා
ඉඳිමු කලුවර බලා
කඳුලෙනුයි හසරැලි උපන්නේ

ඔබ කඳුලේ උපතයි
හසරැල් උපත මමයි
කඳුල හෝ හසරැල්ලේ
ඉම අපිමයි