ඔබ හින්දා මං වින්දoba hindhaa man windha

Oba Hinda Man Winda

ගී පද

ඔබ හින්දා මං වින්ද දුක් වේදනා
යළි ඕන නෑ කිසිම දා 
මම ඉන්නම් ඔබ එනතුරා මඟ බලා
පෙනෙන මනෙවත් නෑ ඔයා //

ඔබ දුන්නු මුල් හීන සුන් වී ගියා
ඔබ දුර ගියා රිදවලා
හැමදාම මං හිතුවේ ළංවෙයි කියා
නෑ ඔබ දුරස් වී ගියා
ඇස් වලට කඳුළැල් තවත් වැඩිවුණා
හද ඉකිගසා හඩනවා

ඔබ හින්දා ........

යළි ආයේ එන්නෑ කියා කියූ නිසා
අමතක කළා ආදරේ මම එදා
අයදින්නෙපා කිවූ නිසා ඔයා
එනවාද මේ මා සොයා

ඔබ හින්දා ........