ගී පද
ඔබ හෙමින් හෙමින් ඇවිත් මගේ හීන ලෝකෙට
අතීත සැමරුම් එකිනෙක ගෙනෙයි මතකෙට
අමතක කරලන්නට යන හැම මොහොතකම
හද රිදුම් ගෙනෙන ලෙස මතකෙට එන්නෙපා ඔබ
ඔබ මාත් එක්ක හිනැහුණු ඒ පලවෙනි දවස
මට ඊයේ වගේ මතකයි ඔබ හට අමතකද
නෑ වෙනස් වෙන්නේ කවදාවත් ඔබ මගේ සඳ
ඒ කියූ වදන් බොල් සුළගට පා කෙරුවාද
ඔබ මගේ නමට ලියු මුල්ම පෙම් හසුන් පත
අද සුරැකිව මා ලඟයි ඔබේ සුවඳ තව ඇත
මා ආදරයෙන් සිපගත් ඔබේ සුමුදු දෙකොපුල
අද අන් අයකුගේ සුසුමේ උණුසුම විඳිනවද
ඔබ හෙමින් හෙමින් ../