ඔබ හා මෙමාoba haa memaa

Oba Ha Mema

ගී පද

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
(සිපගත් එදා සිහිවෙනවා...//)

භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා
එක් වූ දිනේ සිහිවෙනවා....

ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
එක්වී වෙළී සෙනෙහස සෙවූ ඒ
සොඳූරු දා සිහිවෙනවා
ඒ සොඳූරු දා සිහිවෙනවා....

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
(සිපගත් එදා සිහිවෙනවා...//)