ගී පද
ඔබ හා ගෙවූ අතීතේ මාගේ සිතේ රැදේවි
අපගේ පැතුම් නිමාවී දෙහදක් දුකින් තැවේවි //
අප දෙදෙනා වටලා මුරකාවල් දමලා
ඔබ හමුවෙමි දෝ මා කෙසේ //
ඔබ හා ගෙවූ අතීතේ .....
දෙගුරුන් මෙමාගේ දිවයි දිවා රෑ
නොපැතූ ළඳුන් ගැන අසා
ඉසුරින් පිරි සුර ළඳුන් මට එපා
හිඳිනෙමි මා ඔබේ ලෝකයේ
ඔබ හා ගෙවූ අතීතේ ......
අවිහිංසකයි ඈ දිළිඳුයි බොහෝ සේ
එනමුත් ළදේ ඔබ මගේ
කවදාක හෝ ඔබ සොයා එන්නෙමි
එතෙක් මා සිතින් ඔබ ළඟයි //
ඔබ හා ගෙවූ අතීතේ .....