ගී පද
ඔබ ගියාම දුක මට දී
දුක දරා ගන්න නොහැකී
ටජ් මහල් සිහින ඉහිරී
හිත අනාත වී සරණි
ඔබ ගියාම දුක මට දී
හිරු හදිස්සියෙන් මියැදී
ලොව සැනෙන් අඳුරේ ගිලුණි
හිරු උමතු දුකින් දැවුණි
ඔබ ගියාම දුක මට දී
ඔබ ගියා කියා නොසිතී
ඔබ ගැනම සිහින පුරමී
දුක තුලද ඔබම දකිමී