ගී පද
ඔබ ගින්දර දළු පිරිච්ච උණු ලෝ දිය පොදි ගැහිච්ච
සුදු ලස්සන හිම වැටිච්ච ගිනි කන්දක් නම්
පියලි පුරා ගිනි හැලිච්ච කොළ ගානට මල් පිපිච්ච
ඔබේ රුවට වහ වැටිච්ච මල් අත්තක් මං....//
ඔබ දියවැල් සුළි පිරිච්ච සුදු කෙකටිය මල් පිපිච්ච
මතුපිට නිසලව පෙනිච්ච ගංගාවක් නම්
ඒ ගඟ දිය මත වැටිච්ච සඳ දිය කැන් දහරක එතිච්ච
ගත විනිවිද සිත පිරිච්ච මුදු සිහිලක් මං...
ඔබ අනුරාවෙන් පිරිච්ච බැල්මෙන් සියොළඟ වෙලිච්ච
දුටු දුටු තැන නතර වෙච්ච නිල් දෑසක් නම්
ඒ දෑසින් බිම වැටිච්ච කොපුල් තලා මත රැඳිච්ච
කියන්න බැරි දුක පිරිච්ච කඳුළු බිඳක් මං...
ඔබ ගින්දර.....//