ඔබ ගාව රැඳුනාමoba gaawa raendunaama

Oba Gawa Rendunama

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
පද රචනය:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

ගී පද

ඔබ ගාව රැඳුනාම මගේ ජීවිතේ
කිසිදාකවත් නෑ මා සිත පෑරුවේ
මේ සේද හිම මාරුතේ ආශා මවා ආදරේ
දෑත පටලන් ආවේ මේ හිම පිණි සඳපානේ
ඔබහට ඇති පෙම් වරු ගානේ පවසාලා
තරු ගැන ගැන අහසේ පියමැන යමු අඩි පාරේ
මගේ හද ගැහි ගැහී ආශාවෝ ගලනා...

සඳ සිසිලේ රහසේම මුමුණා
අපි උන්නා සීතේම වෙව්ලා
ඔය දෑත මගේ නේද පණ වාගේ ඉමු නේද
සසරේම ඔබේ දෑත ඕනා
දෑත පටලන් ආවේ මේ හිම පිණි සඳපානේ
ඔබහට ඇති පෙම් වරු ගානේ පවසාලා
තරු ගැන ගැන අහසේ පියමැන යමු අඩි පාරේ
මගේ හද ගැහි ගැහී ආශාවෝ ගලනා...

වෑහෙනවා පෙම දෑසේ උතුරා
මම ගත්තා රහසේම උදුරා
ඔය දෑත මගේ නේද පණ වාගේ ඉමු නේද
සසරේම ඔබේ දෑත ඕනා
(දෑත පටලන් ආවේ මේ හිම පිණි සඳපානේ
ඔබහට ඇති පෙම් වරු ගානේ පවසාලා
තරු ගැන ගැන අහසේ පියමැන යමු අඩි පාරේ
මගේ හද ගැහි ගැහී ආශාවෝ ගලනා...//)