ඔබ ගැන නොසිතා මා කල වැරදිoba gaena nosithaa maa kala waeradhi

Oba Gana Nositha Ma Kala Weradi

ගී පද

ඔබ ගැන නොසිතා මා කල වැරදි
කඳුලි වලින් සේදී යන කල්
මට හඬන්න විතරක් ඉඩ දෙනවද
ඔබේ ලයට හිස තුරුළු කරන්

අද ඔබ මගෙ ළඟ නැති විටදී
ඔබේ අගය මට දැණුනේ
හදා ගන්න සිත නොහැකි ලෙසේ
අප ගත කල ඒ අතීතයයි
කඳුළු වෙලා ගැලුවේ

ඔබ සිහිවන හැම මොහොතකදී
සිතේ රිදුම් තව නැගුණේ
තනිකම මම ඉවසම්ද කෙසේ
දෙනෙතින් සැලෙනා කඳුලු තමයි
මා සිත සසල කළේ