ඔබ එන්න සුළඟේ දැවටිලාoba enna sulangee dhaewatilaa

Oba Enna Sulage Dawatila

ගී පද

ඔබ එන්න සුළඟේ දැවටිලා
මා ඉන්නේ ඔබ දැන් එයි කියා
සුදු හංස තටුවේ සැතපිලා
පෙම් කරමු රහසේ සැඟවිලා

ලබැඳියේ ලබැඳියේ
මා සිතුම් සිරකලා
ලබැඳියේ ලබැඳියේ
මා සිතින් පෙම්කලා

නා දල්ල වාගේ දිදුලනා
මුදු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිර වෙලා
මට ඉන්න ඇත්නම් තනි වෙලා

ලබැඳියේ ලබැඳියේ..............

කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පළඳා හැඩ බලා
මා වින්ඳ සතුටේ නිම් සොයා
ඔබ යන්න සුළඟේ අප දමා

ලබැඳියේ ලබැඳියේ.......