ගී පද
ඔබ එන්න හිතට ඉඩ තියේ මගේ
මල් විලට කිරි ඕලු මලක් වගේ
පෙර සසර පුරුද්දට වගේ දැනී
නුඹ හිනාවුනා.. අද උදෑසනේ
නුඹ නොකී කතා නෙතු ඇත සඟවා
හැම බැල්මකින්ම සෙනෙහස කීවා
හැම විරාමයක නව පන නංවා
මට හිනාවෙන්න අවසර දුන්නා
ඔබ එන්න හිතට....
අතැඟිලි ගෙතුණා මතකයි රහසේ
නව හීන ගොඩක් එකවිට පොකුරේ
ඔබ ඇවිදින් නවතිමි දිවිය වගේ
මේ හීන වලට පණ දෙන්න මගේ
ඔබ එන්න හිතට....