ඔබ එක් වෙනවාදෝoba ek wenawaadhoo

Oba Ekwenawado

සංගීතය:
තුසිත් නිරෝෂණthusith nirooshana

ගී පද

සුලන් රොදක් සේ ඔබ වෙත ඇවිදින් 
ලගින් සිටින්නම් සැනෙකින් 
පහන් වැටක් සේ ඔබ ළඟ 
හිඳිමින් එළිය කරන්නම් සතුටින් 

ඔබ එක් වෙනවාදෝ, ඔබ ලං වෙනවාදෝ 
ඔබ මා සතු වෙයිදෝ,ඔබ මට හිමි වේදෝ...

මා දෙස බලමින් පවසන්, ඔබ මගේ ම යැයි කියලා
මා වෙත ඇවිදින් මුමුණන් මුළු දිවිය ඔබේ කියලා 

ඔබ එක් වෙනවාදෝ, ඔබ ලං වෙනවාදෝ 
ඔබ මා සතු වෙයිදෝ,ඔබ මට හිමි වේදෝ...

සිහිනෙකින් හෝ ඔබ ළඟ රැඳෙමින් 
ඔය නෙතු අග දැවටෙන්නම් 
ඈත අහසේ තරු අතරින් 
ඔබ කැඳවාගෙන යන්නම්    

ඔබ එක් වෙනවාදෝ, ඔබ ලං වෙනවාදෝ 
ඔබ මා සතු වෙයිදෝ,ඔබ මට හිමි වේදෝ...