ඔබ දුටු ඒ මුල් දිනේoba dhutu ee mul dhinee

Oba Dutu E Mul Dine

සංගීතය:
මලින්ද ලෝmalindha loo
පද රචනය:
චන්ද්‍රා දේවාදිත්‍යchandhraa dheewaadhithya

ගී පද

ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
තවමත් මගේ මතකයෙහි රැදේ
නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ...

කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
කෙලෙසද මා එය දැනගන්නේ
කවදා කොයිබදී යලි හමුවේවිදැයි කියා
පැනයකි මා සිත පාරන්නේ...

ඔබ දුටු ඒ මුල් දිනේ...

කැටිකොට ගුවනට මුසුකොට මගේ රස හැගුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්
මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
එදින නැවත මා හිනැහෙන්නම්...

ඔබ දුටු ඒ මුල් දිනේ...