ඔබ දන්නවාදoba dhannawaadha

Oba Dannawada

සංගීතය:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
පද රචනය:
දිසානායකdhisaanaayaka

ගී පද

ඔබ දන්නවාද මගේ රත්තරනේ
ඔබයි මගේ මුළු ජීවිතේ
දිවිය පුරාවට මා පැතුවේ 
ඔබයි පණ මගේ ආදරේ ආදරේ......

ඔය දෑඟිලි පටලා මුව පොඩි සිම්බා මා ළඟ ඔබ සිටි කාලේ
ඔබේ සුවඳ මගේ අද හිතට දැනෙනවා කිවූ අතීතය සිහිවෙද්දී
හඬවන්න එපා නෙතු මාගේ ළං වෙන්න හිතයි මට ආයේ
වැටෙන්න කඳුලැල් නෑ දෑසේ වරදක් වුණිදෝ රත්තරනේ.......

ඔබ දන්නවාද.......

අපි සිහින මාළිගා මොනවට හැදුවා ළං වී වෙරළක් අයිනේ 
අද මටම හොරා ඔබ කොහේද ගියේ මා තනිකර දා මේ ජීවිතේ
අහිතක් නෑ මගේ හදවතේ වෛර කරන් නෑ ජීවිතේ
ඔබ මගේම වේ නම් මතු භවයේ පින් කරමි මං සංසාරේ.......

ඔබ දන්නවාද.......