ඔබ දැන් කීවත් කඳුළු සලාoba dhaen kiiwath kandulu salaa

Oba Dan Keewath Kandulu Sala

ගී පද

ඔබ දැන් කීවත් කඳුළු සලා
මට ආදරෙයි කියා
හිත ගිය තැනකට තුරුළු වෙලා
මැණිකේ නොවෙන් මුලා

ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන
යන්නද කතා කලේ
දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට
එකවර නොහැක ලොවේ

ඔබ දැන් කීවත් කඳුළු සලා...

ලස්සන මල් පෙති දෑතක පොඩිවුන
සුළඟේ විසිරෙනවා
මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන
මගෙ හද නෙරපනවා

ඔබ දැන් කීවත් කඳුළු සලා...