ගී පද
ඔබ ආයෙමත් ඇවිදින්
ඔබ ආයෙමත් ඇවිදින්
සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්
උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්
දෑස අග මල් පිපී සැලුනද කොයි තරම්
එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - නෙත කඳුළු මැකුනා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්”