ඔබ ආයේ එනවනම්oba aayee enawanam

Oba Aye Enawanam

සංගීතය:
මිලින්ද සදරුවන්milindha sadharuwan
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

ඉතිහාස ගතවෙනා පෙමක් තනලා
මගෙ දෑතේ එල්ලිලා ගිමන් හැරලා
වෙන්වීම අන්තිමේ හොඳයි කියලා
ඔබ මාව හඬවලා ඔබත් හැඬුවා

ඔබ ආයේ එනවනම්
මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන්
දෙස ආදරයෙන් බලන්
කියා දෙන්න ආදරේ තරම්..
කියා දෙන්න ආදරේ තරම්..

කිසිදා නොවින්ද ආදරය වින්ද
අප පෙම් කතාව මෙතනින් නිමයිද
යන්න පෙර දුරට නැවත නොපෙනෙන්න
ඔබ නැතිව ඉන්න මට කියලා දෙන්න

ඔබ ආයේ එනවනම්....

දණින් නැගිටින්න දිය පොදක් හෙව්ව
වැහි නොමැති කතර රැවටුනා ඔබට
කොහේ හරි තැනක ඔබ හොඳින් ඉන්න
එයයි මට උරුම අවසන් කැමැත්ත

ඔබ ආයේ එනවනම්....
මිහිදන් කල පෙම අරන්
ආසයි ඔය නෙතු පියන්
දෙස ආදරයෙන් බලන්
කියාදෙන්න ආදරේ තරම්..
කියාදෙන්න ආදරේ තරම්..