ඔබ ඈතට වීලාoba aethata wiilaa

Oba Athata Weela

සංගීතය:
ප්‍රසන්න දිසානායකprasanna dhisaanaayaka
පද රචනය:
අයෝද්‍ය ප්‍රනාන්දුayoodhya pranaandhu

ගී පද

(ඔබ ඈතට වීලා ඇයි තවමත් 
ළංවෙන්න හිතෙන්නේ නැද්ද ඉතින්
ඔබේ සුවඳ දැනෙනවා මට තවමත් 
ඒ සුවඳ අරන් යන්නෙපා ඉතින්........//)

මං ඈත ඉඳන් ඔබ දිහා බලන්
ඔබේ රූ සිරි විඳගත්තා රහසින්
සිනා පිපුණු ඔය දෙතොල් අගින්
(මට මුමුණා කියන්න මිහිරි වදන්.......//)

ඔබ ඈතට වීලා.......

මගේ හදවත පතුලෙන් නැගෙන සුසුම්
දෙනෙත් පුරා මම හඬන හැඬුම්
ඔබ දන්නවාද දුක් විඳින තරම්
(මගේ සිතේ තියෙන ආදරේ තරම්.......//)

ඔබ ඈතට වීලා.......//