ගී පද
( ඔබ ඇදීයයි ඈත අහසේ සරුංගලයක් සේ
බිම බලාගමි නිසොල්මන්වී පුරුදු ලෙස දුකසේ ) //
යළිත් ළංවනු බැරි දුරක්වී
දුරස්වූදා නැතිද දැනුණේ
පවන් රැල්ලෙන් ලෙලෙන පහනම
පවන් රැල්ලෙන් නොවෙද නිවුණේ
ඔබ ඇදීයයි ඈත අහසේ ...
සිතින් අමතක කරනු යෙහෙකිද
විලෙහි ලෑ ලුණු අහුර විලසේ
දුකින් උතුරන වතුර සැලියම
සිසිල්වී ලිප නිවුණු දවසේ
ඔබ ඇදීයයි ඈත අහසේ ...