ඕ රාත්‍රියේ මෙ යාමේoo raathriyee me yaamee

O Rathriye Me Yame

ගී පද

චිත්‍රපටය : අහිංසක ප්‍රයෝගය (1959)

(ඕ රාත්‍රියේ මෙ යාමේ 
සඳ රාජයා බලන්නේ  
මාගේ අඩූ තියේ නම් 
කෝ මට කියා නොදෙන්නේ...//)  

අද මුහුනේ කෝ ඔය දිස්නේ 
ඈ කෝකටත් කතා නෑ 
දුක මේ නැගී දුර්මුඛ වේ
පිස්සූ නොවේද මා ඉන්
පිස්සූ නොවේද මා ඉන්

මගෙ දෝශෙ ඇයිද මොකදෝ
කෝ අසමි කෝ කියන්නේ
මාගේ අඩූ තියේනම්
කෝ මට කියා නොදෙන්නේ

ඕ රාත්‍රියේ මෙ යාමේ.... 

සිත වාවගන්න බැරි වී
කවුදෝ එසේ කියන්නේ
ඒ රහස මාද දන්නේ
නෙත් යුවළ කී නිසානේ
නෙත් යුවළ කී නිසානේ

නෙත් යුවළ දුටුව දේ හා
සිත් කෙළෙසදෑ මකන්නේ
මාගේ අඩූ තියේනම්
කෝ මට කියා නොදෙන්නේ

ඕ චන්ද්‍ර අහසේ බැසලා 
දැන්ම හෙමින්ම එන්නේ
මුලා වෙලා සිටින්නෝ 
තෝරා කියාලා දෙන්නේ
තෝරා කියාලා දෙන්නේ

වරදක් උනයි කියාලා
නෑ නෑ අනේ හිතන්නේ
මාගේ අඩූ තියේනම්
කෝ මට කියා නොදෙන්නේ

ඕ රාත්‍රියේ මෙ යාමේ 
සඳ රාජයා බලන්නේ  
මාගේ අඩූ තියේ නම් 
කෝ මට කියා නොදෙන්නේ