ඕ...ප්‍රේමසිරීoo...preemasirii

O Premasiri

ගී පද

චිත්‍රපටය : රම්‍යලතා (1956)

ඕ.. ප්‍රේමසිරී 
ඕ.. ප්‍රභාවතී
සතරින් නිපුණ වී ගතිගුණ වෙනස් වී 
සුද්දෙකු වාගෙයි

ඕ.. ප්‍රේමසිරී
රූපෙනි සපිරි වී කුඹුරෙම යට වෙවී 
කැලෑ හඳ වගෙයී
ඕ.. ප්‍රභාවතී

(පිටිසර කෙල්ලේ හැටියට අද රටේ)...// 
ෆැෂන් කිසිත් දන්නෙම නැත්තේ 
මෝඩියේ තවමත් කුස්සිය මුල්ලේ ම නේ... 
(සෙල්ලමටා එන්ට එපා ලෙල්ලම වෙනවා)...// 
හොඳ නෑ ඔය හැටී දඟරකම් එපා... 
ඕ.. ප්‍රේමසිරී
ඕ.. ප්‍රභාවතී

(පණ්ඩිතකම් කියා ගුටි කන්නට එපා)...// 
යමුකො විලේ ඕළු නෙළාලා 
මා ප්‍රියේ ප්‍රේමේ මල් මාලා ගොතන්ටා... 
(බාලෙදි මේ බැන්ඳ සෙනේ ආවෙ මෝරලා)...// 
පෙම් සැප විඳිමුකෝ දෙන්න එක්වෙලා... 
ඕ.. දඟර ප්‍රේමසිරී 
ඕ.. කොමල ප්‍රභාවතී 

සතරින් නිපුණ වී ගතිගුණ වෙනස් වී 
සුද්දෙකු වාගෙයි
ඕ.. ඕ.. ප්‍රභාවතී