නුවර වැවට හාදු දිදීnuwara waewata haadhu dhidhii

Nuwara Wewata Hadu Didi

ගී පද

නුවර වැවට හාදු දිදී
මානෙල් මල් පිපුණු තරම්
සොඳුරු සිතට රුවැත්තියේ
ඔබ එනවද හාදු අරන්
මැදියම් රෑ ගිනියම් සඳට
(සිසිල වෙන්න තාරකා ඉතින්……//)

උඳුපියලිය ලා තණ නිල්ල
සෙවණ සදන උණ බට පඳුර
අද රෑටත් ඉරබට තරුව
පායාවිද හිතේ ඇල්මට
මැදියම් රෑ ගිනියම් සඳට
(සිසිල වෙන්න තාරකා ඉතින්……//)

නුවර වැවට හාදු දිදී…….

හන්තානේ සුළං රැල්ලකින්
සැන්දෑ හිරු ගලා ගිය සැණින්
රන්ඳා දෙව්රේම සෙනෙහසින්
සිපගන්නම් රෝස දෙකම්මුල්
මැදියම් රෑ ගිනියම් සඳට
(සිසිල වෙන්න තාරකා ඉතින්……//)

නුවර වැවට හාදු දිදී…….