නුරා පෙම් දෑසේnuraa pem dhaesee

Nura Pem Dase

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
යූ ප්‍රගීත් රාජපක්ෂyuu pragiith raajapaksha

ගී පද

නුරා පෙම් දෑසේ මැවූ ඉඟි සේනා 
සදාකල් සසරේ විඳගන්න ඕනා 
ආයෙත් පායා ඇවිදින් 
පෙම් වසන්තේ සිසාරා 
හීනෙන් වුවද එන්නම් නුඹ සොයාලා 

හිනාකැන් අස්සේ විඩාබර නැතුවා 
ඔයා ළඟ සිත්සේ ආදරය දැනුනා 
මොහොතින් මොහොත ගෙවමින් 
හද සමීපේ පුරා 
කිසිදා නිම නොවෙන්නේ මේ වසන්තේ තමා 

හාදුවක් දෙකොපුලේ තැවරෙද්දී හිතුමතේ 
වාරු නැති වෙන තරම් 
අරුමෙකි මේ ආදරේ 
මුනිවතින් ඔබෙ වහන් 
ඉන්නකෝ සිල් වදන් 
දෙතුන් යාමේ හැඟුම් රෑනේ 
ආල සැමරුම් රැස් වුනේ

නුරා පෙම් දෑසේ මැවූ......
හිනාකැන් අස්සේ විඩාබර......
නුරා පෙම් දෑසේ මැවූ ඉඟි සේනා