නුරා බිඳු වෑහෙනාnuraa bindu waehenaa

Nura bindu wahena

සංගීතය:
නදීක ගුරුගේnadhiika gurugee
පද රචනය:
චමින්ද රත්නසූරියchamindha rathnasuuriya

ගී පද

නුරා බිඳු වෑහෙනා 
නග්න රාත්‍රියේ 
වළා සළු උණා දමා 
උකටලී 
තොල ගාමු තොල ගාමු 
තොල ගාමු 
අමෘතය මිහිරියේ

අවදි කර හැඟුම් සංධ්වනි
දෙතොල් විල් ඉම රස බී 
පහන් වෙන්නට පෙර රැය 
නොදිලේ
තොල ගාමු තොල ගාමු 
තොල ගාමු 
අමෘතය මිහිරියේ

මිණි මෙවුල් බඳ ලිහී
සුසුම් කුණාටුව ඇවිලී
නුවන් නිළුපුල් වැසී 
යන්නට දී
තොල ගාමූ තොල ගාමූ
තොල ගාමූ 
අමෘතය මිහිරියේ

නුරා බිඳු වෑහෙනා 
නග්න රාත්‍රියේ 
වළා සළු උණා දමා 
උකටලී 
තොල ගාමු තොල ගාමු 
තොල ගාමු 
අමෘතය මිහිරියේ