නුඹේ සිනාnumbee sinaa

Numbe Sina

සංගීතය:
අකි විශ් හේගොඩaki wish heegoda
පද රචනය:
ශා විරාජ්shaa wiraaj

ගී පද

(නුඹේ සිනා නුඹේ සිනා දැනුනේම නෑ මගේ කියා
හද නුඹෙන් දුරයි මගේ සුසුමන් සැමදා....//)
(මාගේ ලෝකයේ තනිකළේ නුඹයි....//)
මොහොතින් මගේ සුසුමන් රැගෙන දුර ගියා....
(නුඹේ සිනා නුඹේ සිනා දැනුනේම නෑ මගේ කියා
හද නුඹෙන් දුරයි මගේ සුසුමන් සැමදා....//)

(අහම්බයකින් හමුවුණා අපි මතක නැතිදෝ ප්‍රේමියේ
වරද මාගේමයි කියාලා හැරගියා නුඹ ඒ දිනේ...//)
හැමදෙසින් නුඹේ සුවඳ දැනෙනවා 
ඇයිදෝ මගෙන් වෙන් වී ගියේ මගේ කුමරියේ.....
(නුඹේ සිනා නුඹේ සිනා දැනුනේම නෑ මගේ කියා
හද නුඹෙන් දුරයි මගේ සුසුමන් සැමදා....//)

(නෑ කොහෙත් නුඹ ප්‍රේම කරලා මතක් වෙනවා හැම දිනේ
මැව්ව ලෝකේ බොරුව පමණයි නැති කළා මා ජීවිතේ...//)
නුඹේ නමින් මෙමා පණ වුණත් දෙමි
තේරෙයි ගොඩක් කල් යයි ආදරේ මගේ
(නුඹේ සිනා නුඹේ සිනා දැනුනේම නෑ මගේ කියා
හද නුඹෙන් දුරයි මගේ සුසුමන් සැමදා....//)