නුඹ ලඟින් සිටියා නම්numba langin sitiyaa nam

Numba Langin Sitiya Nam

සංගීතය:
සුරේෂ් මාලියද්දsureesh maaliyadhdha
පද රචනය:
නිසංග මායාදුන්නේnisanga maayaadhunnee

ගී පද

නුඹ ලඟින් සිටියා නම්
උදා හිරු එලියටත් කලින්
එළිය අරගෙන වඩීවී
විඩා ගෙනෙනා ඉරේ සැඩ රැස්
සෞම්ය වී මට දැනේවි
නුඹ ළඟින් සිටියා නම්

නුඹ පෑව සෙනෙහේ ළඟ ඉඳන්
මට හිතාගන්නත් බැරි තරම් //
සෙවනැල්ල වී නුඹ ළඟින් සිටියා නම්
තව යා හැකිය ගව් සිය දුරක්

එදා මගෙ හිත සනසමින්
නුඹ නිව්ව ගින්දර කොයි කරම් //
සෙවනැල්ල වී නුඹ අදත් සිටියා නම්
මේ ගමන නෑ කිසි විඩාවක්

නුඹ ළඟින් ....