නුඹ කොහේ සැඟවුණේnumba kohee saengawunee

Numba Kohe Sangawune

සංගීතය:
බිමල් උදයකාන්ත ගුණතිලකbimal udhayakaantha gunathilaka
පද රචනය:
සිතු නිර්මිතsithu nirmitha

ගී පද

නුඹ කොහේ සැඟවුණේ 
සේද විල්උද පිරුණු සිටුවර අඩවියේ
මං කෙසේ පැමිණෙමි 
ඉරුණු මිරිවැඩි තබා නුඹ ගිය මාවතේ......

මා හද නිම් නෑ මතක නදියේ ඔබේ නම රැඳුනේ
සෙනෙහේ තෙලි තුඩ සතුටු පැහැයෙන් රූ රටා මැව්වේ
ළමැද උණුහුම සුව නැතිද ළඳුනේ
සොඳුරු සියුමැලි වත කමල මා රණ විලේ සතපා
හැඟුම් ගී වැල් මිණි හඬින් මුමුණා
දුටුව සිහිනය හැඩ නිතිද ළඳුනේ......

අහස ගුගුරා හඬා වැටුණා ඔබේ නෙත නොහඬයි
සයුර කැළඹි හිරු සැඟෙව්වා ඔබේ හිත නිසලයි
සුසුම් සත්සර සෝදුකින් නද දෙයි
නිල් මැණික් මුතු පලක් විසිරුණු විසල් සිටු මැදුරේ
රන් බෙලෙන් ආදරය ගිල දැමුවේ
අමිල සෙනෙහස මිල වුණිද සොඳුරේ.......

නුඹ කොහේ සැඟවුණේ…..