ගී පද
අනුරාග නෙතු සලා..
ස්නේහේ සුසුම් හෙලා..
නුහුරේ විඳින්න ආදරේ..
මා හා ආයේ ඒ නම්..
මිහිරේ රැඳෙන්න මා කෙරේ..
සැමදා ලඟින් ඉන්නම්..
අනුරාග නෙතු සලා..
ස්නේහේ සුසුම් හෙලා..
තරු අතරේ නැවතිලා..
උන් ඒ මතක අද තනි වෙලා..
මදහසේ පැහැසරින්..
බොඳ වූ නෙතු සඟවාලන්නම්..
අප මැවූ මට හිමි නොවූ පැතුම්..
ඔබ යළි ගෙන ඒ නම්..
සිසිලසේ දිලිසෙනා..
තුහින ගෙන සැරසී එන්නම්..
ආදරේ සිඳුනු උල්පතින් ලැබුණු..
පහසම දෙනවා නම්..