ගී පද
(නුඹේ සිනහ මුව මඩලට මං හරි ආසයි
වලා යටින් පෝදා සඳ පායන ගානයි...//)
(සද්ද කර බඹරු මල වට ඉගිලෙයි මනරම්
සද්ද මොටද රූසිරි වින්දා මං රහසින්...//)
(නුඹේ සිනහ මුව මඩලට මං හරි ආසයි
වලා යටින් පෝදා සඳ පායන ගානයි...//)
(බැද්ද වටේ සුදු මොර මල් පිපුනත් සුවඳින්
එකම මලට ඇයි බඹරුන් ලෙන්ගතු මෙතරම්..//)
(නුඹේ සිනහ මුව මඩලට මං හරි ආසයි
වලා යටින් පෝදා සඳ පායන ගානයි...//)