නුඹේ සෙනෙහෙ විල (අම්මා)numbee senehe wila (ammaa)

Nube Senehe Wila (Amma)

සංගීතය:
සුරංජිත් ආරියවංශsuranjith aariyawansha

ගී පද

(නුඹේ සෙනෙහෙ විල මගේ පැතුම් ලොව
පිපුනු තඹූරු කුසුමයි අම්මේ
දයා දියෙන් පිරි මහ බෝසත් ඔබ 
විශාකාව ඔබ දෝ අම්මේ...//)

හිස මත දුක් ගිනි ඇවිලී ඇතිමුත් 
හදවත පියුමෙකි ඔබේ අම්මේ 
නිවන් දකින්නට ඔබ කළ පිං ඇති 
ගෙදර බුදුන් උත්තම අම්මේ 

නුඹේ සෙනෙහෙ විල....

සුවපත් කරනට අපගේ හදවත් 
දෙව්ලොව සිට වැඩියද අම්මේ 
දූ මුණුබුරුවෝ හැදූ පිනම ඇති 
අමා නිවන් ලැබුමට අම්මේ 

නුඹේ සෙනෙහෙ විල....

අම්මා... අම්මා...
අම්මා... අම්මා...

නිවන් දකින්නට ඔබ කළ පිං ඇති 
ගෙදර බුදුන් උත්තම අම්මේ
දූ මුණුබුරුවෝ හැදූ පිනම ඇති 
(අමා නිවන් ලැබුමට අම්මේ...////)