ගී පද
ජීවිතයට ආදරේ ලැබුනේ මට පළමුවෙන්
මා පැතුව ලෝකේ ඇරඹුමත් නුඹ දෙපළගෙන්
සිහිවෙනවා මැණියනි සිහි කරමි පියතුමනි
නිදුකින් ඉනු මැනවි නිදුකින් ඉනු මැනවි.....
ලක් දෙරණ මත පියනගන්නට මට වරම් දුන්
මා යනෙන මග සුබ කරනන්ට පසු පසින් උන්නු
මට මුණ ගැසුණු හැමට කලින් හමුවුයේ නුඹ සෙනෙහසින්
මේ භවයේ මෙන් මතු භවයෙදිත් නුඹේ පුතුම වෙන්නම්
නුඹේ පුතුම වෙන්නම්......
දිවි මගේ වරදින්න යන තැන් මට පෙන්වා දුන්නු
මගේ ලොවේ හිරු සඳු ලෙසින් මා ළඟින් උන්නු
මට මුණ ගැසුණු හැමට කලින් හමුවුයේ නුඹ සෙනෙහසින්
මේ භවයේ මෙන් මතු භවයෙදිත් නුඹේ පුතුම වෙන්නම්
නුඹේ පුතුම වෙන්නම්......
ජීවිතයට ආදරේ......