නුඹ නැතුව නුඹ එක්කnumba naethuwa numba ekka

Nuba Nathuwa Nuba Ekka

සංගීතය:
නිලාන් සාලින්දnilaan saalindha
පද රචනය:
සෙව්වන්දි වික්‍රමසිංහsewwandhi wikramasinha

ගී පද

නුඹ නැතිව නුඹ එක්ක මට ඉන්න තිබුනා නම් 
නුඹ නැතුවත් මා එක්ක එකට යැවුවේ නුඹ එනකල් 
සඳ පැතුව හැම පැතුමන් මුළු අහස පැතුවා නම් 
නොදෙවනී වෙන්න තිබුනා මගෙ ආදරේ මේ තරම්
 
නොලැබීම මා ලැබූ ලැබීමක් නිසා                   
හැමදේම ඉවසන්න හොඳින් වෙයි සිතා 
පෙර පවට හිමි වෙච්ච හිමිකම පතා 
මියැදෙන්නෙ නෑ මා වෙත ගමි සදා            

හැමදේ ඉවසනා හිත මගේ විඳවලා 
ඒවිදෝ දිනයක් විඳින්නට ජීවිතේ කියා
මේ නුඹේ වාරෙ නම් හෙට මගේ වාරෙ වේවී 
අද නැතත් හෙට ඉඳන් දැනේවී මගේ ආදරෙ තරම් 
නුඹේ ඕනකමකින් ගියත් හේතුන් මවා 
මගේ ඕනකමටැයි තනිකමින් ඉන්නේ මා 

නොලැබීම මා ලැබූ......

නොවිඳිනා නොදකිනා මුළු ලෝකයක් පෙන්නලා 
නොපතනා නොහඬනා මගෙ ඇස් හඬයි මා නිසා  
ලෝකයේ නුඹ ගිලීලා අයාලක දෑත පැටලිලා 
අද නැතත් කවද හෝ අඩාවී උනේ කිමදෝ කියා   
නුඹේ ඕනකමකින් ගියත් හේතුන් මවා 
මගේ ඕනකමටැයි තනිකමින් ඉන්නේ මා 

නුඹ නැතිව නුඹ එක්ක......
නොලැබීම මා ලැබූ......