නුඹ කරන චෝදනාnumba karana choodhanaa

Nuba Karana Chodana

සංගීතය:
තිලිණ රුහුණගේthilina ruhunagee
පද රචනය:
රචිත වාකිෂ්ටrachitha waakishta

ගී පද

නුඹ කරන චෝදනා....
නුඹ කරන චෝදනා මුළු හිතම පාරනා
ආදරේ සුසුම් උඩු සුළඟේ පාවෙනා
බය හිතෙන චෝදනා දුක එක්ක හැංඟුනා
තාම උණුහුමයි ඇස් අඬන කාරණා
(ආයේ එන්න කියලා යන්න කාරණේ රවටනා
පේනා දුරක නෑවිත් ඉන්න තරහක් නෑ මෙමා...//)

සඟවන්න මාගේ නතරවුණු ප්‍රේමේ 
මතකයන් මැදින් අපි උන්නු කාලේ
සදහටම වාගේ හුරුපුරුදු තාලේ 
මිරිඟුවක් තමයි ඔබ දුන්නු හීනේ
ආයේ එන්න කියලා යන්න කාරණේ රවටනා
පේනා දුරක නෑවිත් ඉන්න තරහක් නෑ මෙමා...

සෙල්ලමට වාගේ ලියැවුණු කතාවේ 
තිබුණි නම් පෙමක් සංසාර ගානේ
සදහටම වාගේ හුරුපුරුදු තාලේ 
මිරිඟුවක් තමයි ඔබ දුන්නු හීනේ
ආයේ එන්න කියලා යන්න කාරණේ රවටනා
පේනා දුරක නෑවිත් ඉන්න තරහක් නෑ මෙමා...

නුඹ කරන චෝදනා....