නොසිතූ දිනයකවත්nosithuu dhinayakawath

Nosithu Dinayakawath

සංගීතය:
චන්දන වල්පොලchandhana walpola
පද රචනය:
දිලංක ගයාන්dhilanka gayaan

ගී පද

නොසිතූ දිනයකවත් ඇවිදින් යන්නට ඔබ යළි එනවා නම්
කඳුළු වලට සමු දෙන්නම් ආයෙත් ඔය ඇස් මාගේ වේ නම්
වේදනා ළං කළත් මේ තරම් මට ඔයා
ආදරේ අඩු වුණේ නෑ ගියත් රිදවලා....

ආ ගිය තැන් වල මතකය අමතක නෑනේ මගේ රත්තරන්
කව්රුත් නෑ මට ඔබ වාගේ ආදරේ කෙරුවේ මේ දිවියේ
හිමි වෙන්නේ නෑ මට කිසිදා අනේ යළි ඔයා ආයේ
මේ ලොවේ ඔබ කොහේ ඉන්න තවත් සැනසීලා.....

වෙනකෙකුගේ ළඟ ඔබ තුරුල් වෙලා ඇති අද කොහොමද ඉවසන්නේ
කවදාවත් නෑ මා සරදම් කරලා ඔබ හට සත්තයි අනේ රත්තරන්
හිමි වෙන්නේ නෑ මට කිසිදා අනේ යළි ඔයා ආයේ
මේ ලොවේ ඔබ කොහේ ඉන්න තවත් සැනසීලා.....

නොසිතූ දිනයකවත්.....