නොසිත සිත සිට ගත් මගnositha sitha sita gath maga

Nositha Sitha Sita Gath Maga

ගී පද

(නොසිත සිත සිට ගත් මග 
දෙසිත විහසිත මුව අග)..// 
මසිත විකසිත කුසුම නුඹ ළඟ 
සිසිත නුඹ දන්නවාද 
(නුඹේ නමට පිදෙනා වග)..///  

රුදිරු වැගිරෙන සටනකට පෙරමුණ අරන් 
දැයෙන් ගිලිහෙන උරුමයක් සෙව්වේ නුඹයි 
බියෙන් තැතිගත් එවුන් සැගවෙන පෙළහරින් 
දියන් නිදහස කියන් මොරගෑවේ නුඹයි  
කියන් මොරගෑවේ නුඹයි 
කියා මොරගෑවේ නුඹයි 

නොසිත සිත සිට ගත් මග....

ගලන් සියොලග දාහයක් ගිළිහුණු බිමේ 
දැයක් වෙනුවෙන් ජාතියක් එසවුනු බිමේ 
නුවන් පියවුණු වීරයන් වැළළුණු බිමේ 
නුඹත් ජීවන වීරයෙක් ඉපදුණු බිමේ 
වීරයෙක් ඉපදුණු බිමේ 
වීරයෙක් ඉපදුණු බිමේ

නොසිත සිත සිට ගත් මග....
(නුඹේ නමට පිදෙනා වග)..//