නොනිමි සෙනෙහෙබර මව්නි මගේnonimi senehebara mawni magee

Nonimi Senehebara Mawuni Mage

ගී පද

නොනිමි සෙනෙහෙබර මව්නි මගේ 
අචල සෙනෙහේ පියතුමනි මගේ 
මා යන මාවත පහන් ටැඹක් වූ 
ඔබ සිහිකරනෙමි බැතින් හදේ//

සොම්නස දොම්නස සමව දරාගෙන 
ජීවන මග ඉදිරියට ඇදෙන්නට//
පෙරදා ඔබ මා හට දුන් ඔවදන් 
දිවියෙහි  අමතක නොකරන්නම්// 

නොනිමි සෙනෙහෙබර...//

සැම සතහට පතුරා ගුණදම් 
හැකි පමණින් වදනින් අරුතින්//
ඔබ පැතු සිහිනෙහි අරුත දකින්නට 
සසරෙහි මා පසුපස එන්නම්// 

නොනිමි සෙනෙහෙබර...