නෝනා මගෙ නර්ස් නෝනාnoonaa mage nars noonaa

Nona Mage Nurse Nona

ගී පද

(නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ සිහිවෙනවා නිතර දෙවේලේ
නෝනා මගෙ නර්ස් නෝනා
ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ)...//

ලිස්සා වැටුනා මෙ මං කරුවලේ
හැපුණා මගෙ ඔලුව කළු ගලේ
උස්සා ගොසින් මාව එවේලේ
අනේ දැම්ම නේද ඉස්පිරිතාලේ

අයියෝ සිහිය නැතුව මාව ගෙනාවේ
ලේ ගලමින් බහින කලාවේ
මට සිහිය ඇවිත් බලපු වෙලාවේ
අනේ මම ඇඳ යට නේද ඉලව්වේ

නෝනා මගෙ නර්ස් නෝනා .../

වේදනාව වැඩි නිසා මොළේ
මම කෑ ගැසුවා බොහොම කලබලේ
සාත්තු සේවකයා එ වේලේ
ඇවිත් පයින් ඇන්න කරුවලේ

මම කෑ ගැසුවා මර හඬ දීලා
නර්ස් ආව දඩිබිඩි ගාලා
සාත්තු සේවකයා අල්ලලා
අනේ තල්ලුකෙරුව මාව බේරලා

නෝනා මගෙ නර්ස් නෝනා .../

නර්ස් නෝන අනේ හැබෑට
ආවේ මව් කෙනෙක් විලසට
නැත්තන් ඇටෙන්ඩන්ගෙ පාරට
මම නම් මැරෙනවා ඇඳ යට

බටර් පාන් කිරි තේ වතුර 
මට ගෙනත් දුන්න වෙලා කඩිසර 
මම එනකන් උදේ පාන්දර 
බබා නිදා ගන්න නොකර කරදර

නෝනා මගෙ නර්ස් නෝනා ...//