ගී පද
නොලැබෙන ඔබේ සෙනෙහස පතා
මග බලා හඬන සිත මාගේ
ඒ දුක දැනේ ඔබටත් වගේ
අපි අපේ වෙන්න බෑ ආයේ
ඔබ ගැනම සිතමි හැම වරේ
ප්‍රේමයෙන් පැරදිලා
ලංවෙලා ඉන්න එනු ආයේ
මතු බවේ ඉපදිලා
ලංවෙනු හැකි ලොවකදී යලි
අපි අපේ වෙන්න මතු ආයේ.......
පාළුවෙන් ගෙවෙන හැම රැයේ
ඔබ ගැනයි සිහි උනේ
වෙන්වෙලා ඉන්න බෑ ආනේ
තනිකමයි ජීවිතේ
ලං වෙනු කෙසේ ආලෙන් වෙලි
හිමි නොවේ ආදරේ
අපි අපිට හිමි නැති
ලංවෙනු හැකි ලොවකදී යලි
අපි අපේ වෙන්න මතු ආයේ.......
ආදරේ දැනෙන මගේ හඳේ
ඔබ ඇවිත් නැවතුනේ
ඔබ ලඟින් ඉන්න පෙර වගේ
මට වරම් නැති උනේ
ලං වෙනු කෙසේ ආලෙන් වෙලි
හිමි නොවේ ආදරේ
අපි අපිට හිමි නැති.....
නොලැබෙන ඔබේ.....