නොලැබෙන සෙනෙහේ සැමරුම් අතරේ හිත රඳවලාnolaebena senehee saemarum atharee hitha randawalaa

Nolabena Senehe

ගී පද

නොලැබෙන සෙනෙහේ සැමරුම් අතරේ හිත රඳවලා
බලාගත්තු අත බලාන ඉන්නේ එනකන් ඔයා.....
නෑවිත් ඉන්නා මොහොතක් පාසා... හිත හිරවුණා...
අදටත් මාගේ සෙනෙහේ තරමක් නොදනී ඔයා.....

ඔබ මිරිඟුවක් කියා....දැන දැනත් ලං වුණා
ඔබ හීනයක්ද මේ....හීන කැන්දනා අාදරේ

මේ... පපුව ගැඹුරේ දුක් සුසුම් අවුලලා
ඉන්නේ කොහොම ඉන්නේ ඔබ තුටින් හිනැහිලා.....
මා... තනිවුණා වේ සෙනෙහසක් මදි වෙලා
අායේ තුරුලු වූයේ කඳුලු විතරයි ලැදි වෙලා.....

ඔබ තුටින්... හිනැහුණා වේ මා දුකේ...ගිල්වලා
මං ඉතින්...තනිවුණා වේ හීන කැන්දනා අාදරේ.....

ඔබ මිරිඟුවක් කියා.............

පෑ... දුහුල් මතකේ වේදනා දැඩි වෙලා
එ්...මතක අස්සෙන් ඔබ තවත් හමුවුණා.....
මේ...පෙම් කතාවේ අැරඹුමත් ගොලු වෙලා
අායේ තුරුලු වූයේ කඳුලු විතරයි ලැදි වෙලා.....

ඔබ තුටින්..............

ඔබ මිරිඟුවක් කියා............