නොකියුව ආදරේnokiyuwa aadharee

Nokiyuwa Adare

සංගීතය:
රොමේෂ් සුගතපාලromeesh sugathapaala
පද රචනය:
නන්දන වික්‍රමගේnandhana wikramagee

ගී පද

නොකියුව ආදරේ හිත දැවෙනවා
හිත ගාව ආදරේ දළු දානවා//
දැක ගන්න ආයේ නෙත හොයනවා
නොපෙනෙන්න හංගන්නෙපා 
නොකියුව ආදරේ හිත දැවෙනවා
 
දිය වැල් සිනාසී ගඟ ගලනවා 
ඈත ගං ඉවුරේ ඔබ ඉන්නවා//
ගං තෙරේ මම මෙහා ඉවුරේ තනිවීලා 
ලං නොවේ ඔබ එහා ඉවුරේ ඉන්නවා 
නොපෙනෙන්න හංගන්නෙපා 
නොකියුව ආදරේ හිත දැවෙනවා

අඳුරක් ගලාලා රෑ බෝ වෙලා 
දෑස පේන මානයේ නොපෙනී නොයා//
ලං නොවේ ඔබ එහා ඉවුරේ ඉන්නවා 
පායනා සඳ  නිසා චායාව පේනවා  
නොපෙනෙන්න හංගන්නෙපා 
නොකියුව ආදරේ හිත දැවෙනවා