ගී පද
නොකියනා හැමදේම
දැනුනු බව දැනුනාද
සෙනෙහෙ මගේ මදිවීද
ආදරෙයි පණ සේම
දැන්වත් කියන්න ඔය හිත හදන්නේ
මා අත්හරින්න නේද //
නොබලා මා දිහා දෑස සඟවලා
ඉන්නේ ඇයි හදවත රිදවා
සිනහ මැලවිලා දෙතොල ගොළුවෙලා
නොකියනා රහස කඳුලින් පෙනුනා
තව කල් ගෙවන්න බැරිවෙයි දරන්න
හැරයනවද අත මාගේ
කොහොමද කියන්න ඔබ හැර හිඳින්නේ
ඔබ මගේ හදවත වාගේ
නොනිද රෑ පුරා හීන ඉහිරුනා
වාවන්නට බැරි තැන හැඬුවා
ඔබ වෙනස් වෙලා යයි දුරස් වෙලා
අදහගන්න බැරි හිත හිරිවැටිලා
තව කල් ගෙවන්න බැරිවෙයි දරන්න
හැරයනවද අත මාගේ
කොහොමද කියන්න ඔබ හැර හිඳින්නේ
ඔබ මගේ හදවත වාගේ
නොකියනා හැමදේම ....