නොඑනා දුරකnoenaa dhuraka

Noena Duraka

සංගීතය:
Amusync එන්ටර්ටේන්මෙන්ට්amusync entarteenment
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

මනසෙ දොරගුළු කඩාලා 
ආදරේ කල ඔයා 
මිරිඟුවක් වෙයි කියාලා 
නෑ දැනන් හිටියෙ මා 
තරහක් නැතේ මගේ හිතේ 
අදටත් ඔබ කෙරේ 

නොඑනා දුරක සිටියත් 
මාගෙ දෑසින් සැඟවිලා 
හැරිලා නැවත එනකල් 
ඔබගෙ මත්තේ හිඳිමි මා  

තවමත් රූපෙ ඔබගේ 
රහසේ මම තියා 
මොහොතක් ගානෙ බැලුවේ 
නොබලා බැරි නිසා 
ජීවිතේට ආදරේ හීනයේ තියා 
වාසනාව මා වෙතින් පාවෙලා ගියා 
 
නොඑනා දුරක සිටියත්....

මිහිදන් වෙච්ච අපගේ 
ඇසුරේ අග සොයා 
අදටත් එදා වාගේ 
මම දුක් විඳිනවා 
සාගරේක වේදනා රංචුවක් මෙදා 
හීසරේක වේගයෙන් ආවා මා කරා 
 
නොඑනා දුරක සිටියත්....

මනසෙ දොරගුළු කඩාලා 
ආදරේ කල ඔයා 
මිරිඟුවක් වෙයි කියාලා 
නෑ දැනන් හිටියෙ මා 
තරහක් නෑ මගේ හිතේ 
අදටත් ඔබ කෙරේ 

නොඑනා දුරක සිටියත්....