නොදොඩා මුවින් හමු වී දෙනෙතින්nodhodaa muwin hamu wii dhenethin

Nododa Muwin Hamuwi Denethin

ගී පද

නොදොඩා මුවින් හමු වී දෙනෙතින්
මඟ හැරයන්නේ ඇයි මේ ලෙසින්
ඔබ මුදු දෙතොලින් සනසා දෙසවන් 
මා ළඟ ඉන්න සෙවනක් ලෙසින් 

සිතුවිල්ලන් පවා හැම උදයේ හවා
ඔබ හමුවේද ගත ගිම් නිවේ //
මඟ තොට මෙසේ දුටුවද කෙසේ
යන්නේද හිතකින් නොවේ 

නොදොඩා මුවින් ....

කදුළැල්ලෙන් තෙමා මා අදුරේ දමා
මුව ගොළුවේද සැමදා ඔබේ //
සිහිනෙන් නොවේ හැබැහින්ම වේ
පැතුවේ මා ඔබේ ආදරේ

නොදොඩා මුවින් ....//