ගී පද
ලොව මා වෙනුවෙන් මැවූ දෙවඟන ඔබ නම් මේ භවේ
කෙණෙහිලිකම් ඇයි කළේ අප ආදරයට මේ ලෙසේ
ඇල්ලූ විට අත් අපේ ඒ අතැඟිලි යාවේ සැමතැනේ
වෙන් කෙරුමට මේ අපේ අතැඟිලි කුරිරු ඇයි ලොව මෙසේ
මා ළයෙහි ඇඳී රූපේ ඇය නම් ඇය ළයෙහි ඇඳි රූපේ මම නම්
ඇයි මේ ලෙස ලොව කරමින් සරදම්.......
නොදනී අපගේ පැතුම් නිදි නැති රෑ දොඩනා වදන්
මුව මත තැබූ ඒ සැණින් අප තොල් නෙත් වෑසෙනා දසුන්
ලොව නොදනී ඒ ආශා පැතුම් අප එක් වී මැවු සිහිනේ දසුන්......
දුරුවන් මාගේ භවේ මව්පිය ඔබය නේ මේ භවේ
සතුටයි ඔහු මා හදේ එක ලේ ජාතිය මැවුණද අපේ
මා ළයෙහි ඇඳී රූපේ ඔහු නම් ඔහු ළයෙහි ඇඳි රූපේ මම නම්
කුල මල ආගම් නොම වෙයි බාධාවන්.......
නොදනී අපගේ පැතුම්.......///