නොබලා මා දිහා ඔයාnobalaa maa dhihaa oyaa

Nobala maa dihaa

සංගීතය:
කපිල්kapil
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

නොබලා මා දිහා ඔයා
යනවා කාගෙදෝ වෙලා
සගවා වේදනා දරා හැමදා ආදරේ කලා
ඔබ නොඑනා නිසා කවුරුත් එපා
තනි වීලා ඉන්නවා

සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහෝ යන්නදෝ පියාඹලා
ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
මගේ ජීවිතේ වගේ ඔයා

පෙම් කෙරුව ඒ අතීතේ වෙන් වී ගියා
මාගේ බව කීව ඔබ දැන් ඇයගේ වෙලා
දැනෙනා මිලාන වේදනා සඟවා
හිදින්න බෑ සදා
ඉකිගා හඬාන රෑ පුරා පෙර පෑ සිනාව සේදුනා
බලාන ඉන්නවා සිතා

සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහෝ යන්නදෝ පියාඹලා

සන්තෝස යාමේ රහසින් බොඳවී ගියා
දුක් වින්ද කාලේ සැනෙකින් ලැබිලා මෙදා
මතකේ තියාණ කී කතා
දිවියේ පුරාම ඉන්නවා
මට දාලා යන්න බෑ ඔයා
නොපමාව එන්න මා සොයා
සමාව තියෙනවා සදා
 
සිනාවන් ගෙනා වසන්තේ දමා
කොහෝ යන්නදෝ පියාඹලා
ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
මගේ ජීවිතේ වගේ ඔයා

නොබලා මා දිහා ඔයා යනවා කාගෙදෝ වෙලා
සඟවා වේදනා දරා හැමදා ආදරේ කළා 
ඔබ නොඑනා නිසා කවුරුත් එපා තනි වීලා ඉන්නවා