නොබලා ඉන්න බෑ බලා ඉන්න බෑnobalaa inna bae balaa inna bae

Nobala Inna Baa Bala Inna Ba

ගී පද

නොබලා ඉන්න බෑ බලා ඉන්න බෑ
නොසිතා ඉන්න බෑ සිතාගන්න බෑ
ආදරේට වේදනා දරාගන්න බෑ 
නුඹ මාව ඇය ගාව ගොළුකර තියා
කිවනොහැක දුන් කඳුලු මෙතෙකැයි කියා
පෙනි පෙනිම නුඹ අහිමි වී යන දිහා
නිහඬව බලා හිඳිමි කඳුලැල් පිහා

බැහැයි කීව දවසේ නුඹ හඬා වැටි නිසා
ආදරේ කලේ මා නුඹ මහමෙරක් සිතා
දුරක් ආව ගමනේ නුඹ හා එක් වෙලා
මට රිදවන රහසේ වෙන කාගෙද වෙලා
නුඹ මගේම නම් මා නුඹේම නම්
දෙයිද මේ තරම් හිත් රිදුම් වේදනා 
නුඹ මාව ඇය ගාව ගොළුකර තියා
කිවනොහැක දුන් කඳුලු මෙතෙකැයි කියා

ලෝකෙටම රහසේ නුඹෙ ආත්මය වෙලා
දුන්නු හුස්ම රහසේ ගියා කුල් වෙලා
හිත නිවී තියේවී ⁣වේදනා අඩු වෙලා 
ගියෝතින් නොඒවී මා ආයේ ඔබ සොයා 
නුඹ මගේම නම් මා නුඹේම නම්
දෙයිද මේ තරම් හිත් රිදුම් වේදනා

නොබලා ඉන්න බෑ බලා ඉන්න බෑ
නොසිතා ඉන්න බෑ සිතාගන්න බෑ
ආදරේට වේදනා දරාගන්න බෑ 
නුඹ මාව ඇය ගාව ගොළුකර තියා
කිවනොහැක දුන් කඳුලු මෙතෙකැයි කියා
පෙනි පෙනිම නුඹ අහිමි වී යන දිහා
නිහඬව බලා හිඳිමි කඳුලැල් පිහා