ගී පද
(නියඟයට පසු වට මහා වැස්සකි නුඹ
තනිකමේ රුදු නියඟයෙන් මා දැවෙද්දී)..//
වැවේ පතුලෙන් නැගෙන සුසුමන්
වේදනා දුක නිවා
ස්නේහයේ වැහි බිංදු අරගනෙ නුඹ ඇවිත්
නෙළුම් පිපුණා හිත පුරා
සරැලි නැගුවා නෙතු පුරා
නියඟයට පසු .../
දුකෙන් තැවෙනා වියළි තුරු පත්
වේදනා දුක නිවා
ස්නේහයේ වැහි බිංදු අරගෙන නුඹ ඇවිත්
කුසුම් පිපුණා හිත පුරා
ළදළු නැටුවා නෙතු පුරා
නියඟයට පසු ..../