නියඟලා මලක් වෙලා පිපී මගෙ හද උයනේniyangalaa malak welaa pipii mage hadha uyanee

Niyangala Malak Wela Pipi Mage Hada Uyane

ගී පද

නියගලා මලක් වෙලා පිපී මගෙ හද උයනේ
ආදරේ කියා මගේ සිතට සිසිල ගෙනාවේ
කොයි තරම් රුවැති මල් පිපුණත් නෑ මා පැතුවේ
නියගලා මලේ රුව විතරයි මා නම් පැතුවේ ....

මුළු හදින් එදා මට පෙම් කල අහිංසකාවී
මගේ සෙනේ අරන් යන්න ගියා කොහොදෝ සැඟවී
හිත හදාගන්න බෑ මට නම් හැඬුවත් වැලපී
ජීවත්වෙන හැම මොහොතෙම ඉපදෙනවා මැරි මැරී ....

ලස්සන දුටුවත් පෙරදා මා නියගලා මලේ
විෂ සගවාගෙන ඉන්නා බවනම් නෑ සිතුවේ
ඔබ ගිනි අවුලා කලු කරලා මගේ  ආදරේ
හැර ගියදා සිත සැනසීමක් නෑ මගේ සිතේ .....