නිවන් පුරට මඟ පෙන්වනniwan purata manga penwana

Niwan Purata Maga Penwana

ගී පද

නිවන් පුරට මඟ පෙන්වන පහන් වැටක්‌ සේ
මැනික්‌ තොටින් අහස උසට බුදුරැස්‌ විහිදේ
මුනි සිරිපා පහස ලැබූ හිමි වැඩි ගමනේ
දොහොත් මුදුන් තබා වඳිමි කැළනි විහාරේ

නා මෙනවිය පෙර කල හිඳ ළවැලි තලාවේ
තත් පිරිමැද ඇඟිළි තුඩින් මිණි වීණාවේ
අදත් ඇසේ එදා වැයූ බුදුගුණ ගීතේ
දොහොත් මුදුන් තබා වඳිමි කැළණි විහාරේ

සිහිල් සුළන් වැදී සැළී බෝපත් නැළවේ
පහන් හැඟුම් හදේ නැගේ මෙත් කරුණාවේ
වරක්‌ ඇවිත් අප වැන්දොත් කැළණි විහාරේ
උපන් දා පටන් කළ හැම පව් දුරු වන්නේ